Posts

Showing posts from 2014
Image
නීල නෙතු නීල නෙතගින් කියූ ආල ආරාධනා තාම මතක නැති වුනත් පෑව ඉඟි සිනා සීත රෑක තනි කමින් සිටිය මා සොයා ආවෙ ඇයිද සොඳුරියේ යන්න මා දමා මා මුවින් කියූ වදන් නෑහුනා වගේ ගියේ ඇයිද මිතුරියේ හීනයක් වගේ පියවි ලොව දු‍ටු ලඳුන් අතර සිටි කිසි කෙනෙක් නෑ සිතේ නුඹ තරම් කවි ලීවෙ මේ තරම් සීත රෑ තම නෑ ඉවර වීලා ලඳේ නිදියන්න තව ගොඩක් එනවාද ආයෙමත්....
Image
සුඳු හිමි ගිය දින ඉඳන් දරුවන් රෑක           ගන්න නොකල දෙයක් නෑ උන් බඩ         පුරවන්න ලොකු පුතු පාසල් යවා උගතෙකු   කරවන්න ඇග මස විකුනුවේ සුඳු රෙදි           මහගන්න පෝදා පන්සලේ බුඳු රුව දැක            ගන්න ආමුත් පැතුවෙ නෑ මන් අම             නිර්වාණ පෝසත් පින්වතුනි නුඹෙ ඇස් යුග       කියන ගෝහොර වදන් සැමදා පුරුදුය         සොඳින සුඳු පිරුවටින් කුණු වහගෙන පෝය      දිනේ කුළු බිරි හා හිඳගෙන වෙහෙර          කොනේ පින්බර මහතුනේ පතනා අම         නිර්වාණේ පැතුවා නොවෙද පෙර දා මා හා         යහනේ
Image
රන් ඔ‍ටුනු දරා රජ වී බරණැසේ රජුන් නුඹ වී දන් පින් බලෙන් අඟ වී රජකම් කරනු සොඳ සේ දන දුකින් හදම උණුවී උන් මුදා දුකින් හැකි සේ සිත් දිනා උන්ගෙ රිසි සේ රජකම් කරනු නිසි සේ සිව් සැටක් ශිල්ප කරලා අඟ වුනා අනුන් පරදා නික්මෙනා දිනේ අද තක්සලා දොරෙන් නුඹ තක්සලා ඇඳුරු වැඳලා යනු මැනේ ගුරුන් රිදවා// බරණැසේ දනන් සිතලා බරණැසේ දනන්  පතලා...
Image
වැස්ස දිය වී ගිය ඇසි පිය බොඳවී ගිය මුදු දෙතොල් පරවී ගිය කොපුල් ඉගිලී ගිය හංසයින් අහෝ මිත්‍රය!!!!! නුඹ, දේවතාවියක් කෙලෙසූ අයුරු......
Image
කඳුළු කඳුළු අපූර්ව නිර්මාණයක් අධික දුකේදී සතුටින් එලියට එන...............
Image
වැඩට ගියා ............ මහ රෑ පුරා නිදි වරමින් ලියු         කවියේ පද ටික එලිවැට පැනල එළි වන     ජාමේ නුඹ ගැන ලියපු පද හන්ගන් හිත  අස්සේ වැඩට ගියා විලි වහගෙන        ලැජ්ජාවේ
Image
කොහොල්ලෑ............... .. මහ ගේ ඉස්සරහ බත් ගහ පෙර       දිනකා ගංගොඬ තුලානෙම බඩගිනි            නිව්වා කොස් ගලවන්න නෝන දන් නැති  හින්දා ගැබ් බර කොස් ගහම ලී සෝමෙට  දුන්නා කොස් ගහ නැතුව මුලු මිදුලම      වේලෙනවා නෝනගෙ රෝස මල් ටික ටික  මැලැවෙනවා කොස් ගහ තිබුනු තැන හිඳගෙන     වළදන්ටා කොස් රස සෝයා මීට් නිතරම  සැකසෙන්නා
Image
පිච්ච මල කමටන් ගන්නේ........... මල් පිඳු පුඳසුනට සොමි සඳ ‍රැස්      වැටිලා පෙන්වා දිලෙයි සුර මල් කෙලියක    සේයා නෙක විද රෝස මල් සුවඳට බය         වීලා මා පිඳු පිච්ච මල ඇත පුදසුනෙ තනි     වීලා පුඳසුනෙ මල් අතර කසු කුසු          නැගුනේ තනි සුඳු පිච්ච මල ගැනමයි        විමසන්නේ සියුමැලි ඇඟිලි තුඩු වල ඇති      පහසින්නේ ගංගොඩ පිච්ච මල් නැතිමලු  සැනසෙන්නේ රාගය කියා ගන්නට අප ගෙන         යන්නේ හද තුල රුහිරු වල පැහැ අප සම  වෙන්නේ මෝඩ පිච්ච මල නැහැ මේ කිසිවක්  දන්නේ කිමඳ තවම අප සමඟින් හිඳ           ඉන්නේ උඬගු රෝස මල කරුණක් නැහැ    දන්නේ තව ටිකකින් පෙති ටික මල හැර     යන්නේ සුදු වත උනා සිවුරක් ගෙන        හඳිමින්නේ පිච්ච මල පුඳසුනෙ කමටන්            ගන්නේ
Image
බේකන් බනිස් අපි කෑවේ කුළුදුල්ලේ අංකොට සුද්දි ගැබ් බර මේ                        වාරේ ලැබුනේ වැස්සියක් ඒකිම                          වාගේ කළු කැත වස්සා ලැබුනු ගිය                       වාරේ නාඹර ගොනෙක් දැන් නහ විදිනා             කාලේ කර ලණුවට මෙල්ලය නැති මේ               කාළේ උඩ පැන තප්පුලා යයි වැස්සියො              පස්සේ නහ විද ගෙජ්ජි දා යන්නට ගැල්                තාලේ කරත්තය කොහෙද?ලඟදිනෙ නගරෙට   වික්කේ ඇතිකර හදන්නට ගොන්නුන්          සොයමින්නේ සුදු ඇඳ ගත්තු මහතෙකු ගම                ඇවිදින්නේ සාදාරණ මුදලකින් කෙලවර              ගනදෙනුවේ ගොන් රජ ...
Image
සිතුවම් විල් දියේ ඇදෙන රූ, හදේ ඇදෙන රූ කෙසේ නගම් සිතුවම් මන් කෙසේ අදිම් සිතුවම් නුඹෙ නීල නුවන් දු‍ටුවෙම් මඳ පවනෙ සැලෙන මල් පොකුරු ලෙසින් නුඹෙ වරළ සැළෙනු දු‍ටුවෙම් මන් කෙසේ නගම් සිතුවම්// නිල් දියේ පිපෙන තඹරූ පර දන නුඹේ කොපුලූ මඳ සුළගෙ ගසා යන වරා රොදක් සේ නුඹේ ගමන දු‍ටුවෙම් මන් කෙසේ නගම් සිතුවම්// කුස රජුන් නොවෙමි ලඳුනේ රන් පබාවතිය කරවූ මන් කෙසේ රජුන් වෙම්දෝ අඳ හේනෙ පැලේ ඉඳිමින්// මහෙෂ් සංඛ වීරසූරිය.. කතෘ අවසරයෙන් තොරව උපුට ගැනීම තහනම්
Image
කරදිය බොන්නට බැරුවා.. පාලු ‍රැයේ මූසල බව උළලේන හඩට මුසු වෙද්දී.... හඳ සාවී ජනෙල් කොනින් ඔච්චම් කෙරුවා නින්ද නැතිව , හීන ඇතුව ඉන්න හිතට රෑ දවාල කොහොම පටන් ගෙන ගෙව්නත් ගානක් නැතුවා දෝර ගලන සිතුවිලි ගඟ නිකන් ඔහේ මහ මුහුඳට මෝය කටෙන් වැටෙනා හැටි, බලන්න බැරුවා... ගිනි අව්වට වේලෙන හිත දිය හෙව්වට පිපාසයට නිල් දිය විල් හිතනු මිසක, කරඳිය කඳ බොන්නට බැරුවා...
Image
රත්තරන් මාළුවා මාළුවෝ !!!!! උජාරුවට උඹ හිතුවට, උඹ gold fish කියලා, උඹ දන්නෙ නෑ.... ඇස් කීයක්, උඹෙන් ආතල් ගන්නවද කියලා....
Image
පිච්ච.... සඳ නෑ පෝදා මගෙ              අහසේ අමාවක අඳුර පිරිලා ඇත හිත් අස්සේ නුඹෙ ඉඟි සිනා මල් ඇසි       දිස්සේ දල්වා නිවයි සිත් එලි කල    පහනේ දිනකර දින නිවා සැතපෙන        කලට නුඹ හා දොඩමළු වන්නට සිතුන     විට වචන වැරදී,ඇඟිලි වෙව්ලා         නිතර නුඹට බැඳි පෙම ,කඳුලු දුන්නා නෙතට.. බුඳුන් වදින්නට සැරසෙන නෙළුම් මල හම්බ වෙයන් නුඹටම නිසි නෙළුම් මල නෙළුම් මලට පෙම් කල ගැට පිච්ච මල මම,තනියම යන්නම් මුණි      වදින්නට
Image
අවිච්චී සීතල දුරුත්තේ ගී කියනා අවිච්චියේ සිසිර අහවරයි ලඟ එන වසන්තයේ..... උඹට උපන් අවිච්චියා සැරින්   සැරේ පියඹයි කාටත් හොරා උඹේ      වටේ නවත්තලා උඹෙ ඔය කවිකාර  විසේ කූඩු උනොත් නරකද මේ වසන්තයේ?
Image
මැණිකෙ ක‍ටුනායක ගාමන්ට්           වල වැඩට ගියපු මයෙ මැණිකෙගෙ හිතා ගන්න බැරි       වෙනසක් මයෙ දෙයියනෙ වෙලා   අනේ! කැකිරි ඉරිඟු තල  මෙනේරි ගොඩ ගැහිලා කුස්සි  පිලේ කැරට් ලීක්ස් අල     පරිප්පු තුන් වේලම ලිපේ      ඉදේ නුඹෙ ලස්සන මල්     චීත්ත ගුලි කර හංගා මුලු       වල මොකද්ද ඔය අරුම   ඇදුම ඇන්දට ඇඟ හොදට  පේන සුවඳ කොකුම් ගෑ          මුහුණේ උදේ හවස හොරෙන්  හොරෙන් උලන අරුම දේ         මොකද්ද ලෙඩෙන්ද උඹ මම   නොදන්න? අයිනායක දෙවි            වැඳලා මැණිකෙගෙ මේ දොස කියලා පතමි පිහිට පෙර        ලෙසටා පඩුරක් දෙවොලේ       බැඳලා
Image
පොෂ්  pandarel.. නිකිණි හුළගේ ඔහේ සැලෙනා වියළි පඬරැල් දමා පස යට නිවා පුහු තෙද... වඩිනු මැන වැසි, හෙණින් කර හැඩ... මතක් කරනට, බිනර එන වග, නිකිණියට පසු......
Image
උත්තරය බුඳු පුඳට වන ලොබ හමුවේ උවැසි සැහැසි කෙකි තුඩු පහරේ ගැලවී වැ‍ටුනු නුඹ අරලිය කැකුලේ..... නාඩා ඉදින් නුඹ වැ‍ටුනේ නුඹෙ වරදින් නම් නොවේ යලි පිපියන් මල් අතරේ උවැසි ඇස් නොපෙනෙන මානේ
Image
වැරදිකරු.. සුදුස්සන් සොයා පෙම් කරන වග බලා හී විද අමුණලා දෙසිත් එක් සිත් කලා කාළය ගලා මල්සරා මහලු වෙලා විදි හී වැරදිලා දනන් වී මුලා මලවි මේ බලා බොහෝ කම්පා වෙලා දුනු හී පසෙක ලා හිදී ඔහේ බලා........
Image
ඇවිදින වාසනාව පාර්ශව 1 ලක්ෂ ගනන් කෝටි ගනන් විස්සට        විකුනාලා සීයෙ කොලෙන් ලාභෙ අරන් හවස ගෙදර යන්නා ......................................................................... පාර්ශව 2 හීන ගොඩක් හිතේ තියන් නවයට ඉද        ගන්නා අදත් නැතේ කමක් නැතේ හෙටත් අරන්    බලනා
Image
සරුංගල් කෝඩුකාරයකුගේ බුරුල් හුය බිද ආ... සරුංගලයක්, පුරුදුකාරයකුට හසුවූ කල, ගමන කෙලවර වන්නේ, කෝඩුකාරයා ආදරයෙන් ඇලවූ, සව් කොල එකක් වත් නැති... ඉර‍ටු,නූල් සැකිල්ලක් ලෙසටය.....
කාලි එයි... ඇදි වතින් මුලු ගතම නොසගවා             පෙන්නලා දිගු නීල වරළ සිද නෙක පාට                     ගල්වලා සොඳ මුහුණ උනා ලා වෙස් මුහුණු             පැළදලා කාලි එයි සොහොනෙ හිද මනු යකුන්       සොයාලා
Image
නු සුදුසු මල් පිරුනු මල් ගව්මෙ නැති උනත් මල් සුවඳ දැනේ මට මල් සුවඳ හැම තැනම හැම විටම ගිනි අව්ව උරුම කල කලු වෙච්ච සුඳු මුහුණ බොඳ කරයි මගෙ සිහින දඟකාර සිතෙ මැවෙන කලු මුහුන සුඳු කරන වියළි තොල් රතු කරන ඇඟිලි තුඩු හැඩ කරන මැජික් නැහැ මට උරුම සිඳාදිය තෑගි කල අරුමෝසමින් හැඩව එන යහලුවන් දු‍ටු කලට නෙත් තෙමෙයි කඳුලු වැද මට සල්ලි ටික දෙන්න ඉර‍ටු ගාන මගෙ අම්මෙ එපා මට සරසවිය එන්නද මම ගෙදර?
නුඹ  ... දිගු වරළ මන බදින මුත් නයන  සනහලා පිපි තිසරු බැදි තපස බිද දමා     සුනුකලා මුතු මුවින් කී කතා ඇසූ සිත්        ‍රැවටිලා නුදු‍ටු නුඹ සොයමි මම දිවා රෑ වෙහෙසිලා
Image
දෝණි... කන්න ගනනක් පුරන්  කුඹුර වෙව්ල වෙව්ලා වැඩ කරලා.... ගත්ත වී බුසල දෙක, තුට්‍ටුවට විකුනලා.. ඒ සල්ලි කෙල්ලට පොතක් ගන්න.... ගෙදරින් එවපු සල්ලි, පස්ස පේන,පෙන්සිල් කට්, ඩෙනිම ගන්න ඇති මදි.. අත් කපපු,පටි තියන ටොප් එක දැන් ගන්නෙ කොහොමද? අනේ තාත්තේ... තවත් පොතක් ගන්න තියනවා... අද හෙටම..
Image
මගේ සමනළී නෙක පාට සමනළ්ලු වසන්තයෙ සැරිසරන අමතකලු සිටි පුවත පෙර දාක පණුවන්ව ත‍ටු ගන්න උන් කෑව ගහේ කොල මතම හිඳ රොන් බොන්නෙ උන් කොහොම හැර දමා පෙර දාව...........