සිතුවම්
විල් දියේ ඇදෙන රූ,
හදේ ඇදෙන රූ
කෙසේ නගම් සිතුවම්
මන් කෙසේ අදිම් සිතුවම්
නුඹෙ නීල නුවන් දුටුවෙම්
මඳ පවනෙ සැලෙන මල්
පොකුරු ලෙසින් නුඹෙ
වරළ සැළෙනු දුටුවෙම්
මන් කෙසේ නගම් සිතුවම්//
නිල් දියේ පිපෙන තඹරූ
පර දන නුඹේ කොපුලූ
මඳ සුළගෙ ගසා යන
වරා රොදක් සේ
නුඹේ ගමන දුටුවෙම්
මන් කෙසේ නගම් සිතුවම්//
කුස රජුන් නොවෙමි ලඳුනේ
රන් පබාවතිය කරවූ
මන් කෙසේ රජුන් වෙම්දෝ
අඳ හේනෙ පැලේ ඉඳිමින්//
මහෙෂ් සංඛ වීරසූරිය..
කතෘ අවසරයෙන් තොරව උපුට ගැනීම තහනම්

විල් දියේ ඇදෙන රූ,
හදේ ඇදෙන රූ
කෙසේ නගම් සිතුවම්
මන් කෙසේ අදිම් සිතුවම්
නුඹෙ නීල නුවන් දුටුවෙම්
මඳ පවනෙ සැලෙන මල්
පොකුරු ලෙසින් නුඹෙ
වරළ සැළෙනු දුටුවෙම්
මන් කෙසේ නගම් සිතුවම්//
නිල් දියේ පිපෙන තඹරූ
පර දන නුඹේ කොපුලූ
මඳ සුළගෙ ගසා යන
වරා රොදක් සේ
නුඹේ ගමන දුටුවෙම්
මන් කෙසේ නගම් සිතුවම්//
කුස රජුන් නොවෙමි ලඳුනේ
රන් පබාවතිය කරවූ
මන් කෙසේ රජුන් වෙම්දෝ
අඳ හේනෙ පැලේ ඉඳිමින්//
මහෙෂ් සංඛ වීරසූරිය..
කතෘ අවසරයෙන් තොරව උපුට ගැනීම තහනම්
Comments
Post a Comment