පිච්ච මල කමටන් ගන්නේ...........

මල් පිඳු පුඳසුනට සොමි සඳ ‍රැස්      වැටිලා
පෙන්වා දිලෙයි සුර මල් කෙලියක    සේයා
නෙක විද රෝස මල් සුවඳට බය         වීලා
මා පිඳු පිච්ච මල ඇත පුදසුනෙ තනි     වීලා

පුඳසුනෙ මල් අතර කසු කුසු          නැගුනේ
තනි සුඳු පිච්ච මල ගැනමයි        විමසන්නේ
සියුමැලි ඇඟිලි තුඩු වල ඇති      පහසින්නේ
ගංගොඩ පිච්ච මල් නැතිමලු  සැනසෙන්නේ

රාගය කියා ගන්නට අප ගෙන         යන්නේ
හද තුල රුහිරු වල පැහැ අප සම  වෙන්නේ
මෝඩ පිච්ච මල නැහැ මේ කිසිවක්  දන්නේ
කිමඳ තවම අප සමඟින් හිඳ           ඉන්නේ

උඬගු රෝස මල කරුණක් නැහැ    දන්නේ
තව ටිකකින් පෙති ටික මල හැර     යන්නේ
සුදු වත උනා සිවුරක් ගෙන        හඳිමින්නේ
පිච්ච මල පුඳසුනෙ කමටන්            ගන්නේ



Comments

Popular posts from this blog