Posts

Showing posts from September, 2014
Image
පිච්ච.... සඳ නෑ පෝදා මගෙ              අහසේ අමාවක අඳුර පිරිලා ඇත හිත් අස්සේ නුඹෙ ඉඟි සිනා මල් ඇසි       දිස්සේ දල්වා නිවයි සිත් එලි කල    පහනේ දිනකර දින නිවා සැතපෙන        කලට නුඹ හා දොඩමළු වන්නට සිතුන     විට වචන වැරදී,ඇඟිලි වෙව්ලා         නිතර නුඹට බැඳි පෙම ,කඳුලු දුන්නා නෙතට.. බුඳුන් වදින්නට සැරසෙන නෙළුම් මල හම්බ වෙයන් නුඹටම නිසි නෙළුම් මල නෙළුම් මලට පෙම් කල ගැට පිච්ච මල මම,තනියම යන්නම් මුණි      වදින්නට
Image
අවිච්චී සීතල දුරුත්තේ ගී කියනා අවිච්චියේ සිසිර අහවරයි ලඟ එන වසන්තයේ..... උඹට උපන් අවිච්චියා සැරින්   සැරේ පියඹයි කාටත් හොරා උඹේ      වටේ නවත්තලා උඹෙ ඔය කවිකාර  විසේ කූඩු උනොත් නරකද මේ වසන්තයේ?
Image
මැණිකෙ ක‍ටුනායක ගාමන්ට්           වල වැඩට ගියපු මයෙ මැණිකෙගෙ හිතා ගන්න බැරි       වෙනසක් මයෙ දෙයියනෙ වෙලා   අනේ! කැකිරි ඉරිඟු තල  මෙනේරි ගොඩ ගැහිලා කුස්සි  පිලේ කැරට් ලීක්ස් අල     පරිප්පු තුන් වේලම ලිපේ      ඉදේ නුඹෙ ලස්සන මල්     චීත්ත ගුලි කර හංගා මුලු       වල මොකද්ද ඔය අරුම   ඇදුම ඇන්දට ඇඟ හොදට  පේන සුවඳ කොකුම් ගෑ          මුහුණේ උදේ හවස හොරෙන්  හොරෙන් උලන අරුම දේ         මොකද්ද ලෙඩෙන්ද උඹ මම   නොදන්න? අයිනායක දෙවි            වැඳලා මැණිකෙගෙ මේ දොස කියලා පතමි පිහිට පෙර        ලෙසටා පඩුරක් දෙවොලේ       බැඳලා
Image
පොෂ්  pandarel.. නිකිණි හුළගේ ඔහේ සැලෙනා වියළි පඬරැල් දමා පස යට නිවා පුහු තෙද... වඩිනු මැන වැසි, හෙණින් කර හැඩ... මතක් කරනට, බිනර එන වග, නිකිණියට පසු......
Image
උත්තරය බුඳු පුඳට වන ලොබ හමුවේ උවැසි සැහැසි කෙකි තුඩු පහරේ ගැලවී වැ‍ටුනු නුඹ අරලිය කැකුලේ..... නාඩා ඉදින් නුඹ වැ‍ටුනේ නුඹෙ වරදින් නම් නොවේ යලි පිපියන් මල් අතරේ උවැසි ඇස් නොපෙනෙන මානේ
Image
වැරදිකරු.. සුදුස්සන් සොයා පෙම් කරන වග බලා හී විද අමුණලා දෙසිත් එක් සිත් කලා කාළය ගලා මල්සරා මහලු වෙලා විදි හී වැරදිලා දනන් වී මුලා මලවි මේ බලා බොහෝ කම්පා වෙලා දුනු හී පසෙක ලා හිදී ඔහේ බලා........
Image
ඇවිදින වාසනාව පාර්ශව 1 ලක්ෂ ගනන් කෝටි ගනන් විස්සට        විකුනාලා සීයෙ කොලෙන් ලාභෙ අරන් හවස ගෙදර යන්නා ......................................................................... පාර්ශව 2 හීන ගොඩක් හිතේ තියන් නවයට ඉද        ගන්නා අදත් නැතේ කමක් නැතේ හෙටත් අරන්    බලනා
Image
සරුංගල් කෝඩුකාරයකුගේ බුරුල් හුය බිද ආ... සරුංගලයක්, පුරුදුකාරයකුට හසුවූ කල, ගමන කෙලවර වන්නේ, කෝඩුකාරයා ආදරයෙන් ඇලවූ, සව් කොල එකක් වත් නැති... ඉර‍ටු,නූල් සැකිල්ලක් ලෙසටය.....
කාලි එයි... ඇදි වතින් මුලු ගතම නොසගවා             පෙන්නලා දිගු නීල වරළ සිද නෙක පාට                     ගල්වලා සොඳ මුහුණ උනා ලා වෙස් මුහුණු             පැළදලා කාලි එයි සොහොනෙ හිද මනු යකුන්       සොයාලා
Image
නු සුදුසු මල් පිරුනු මල් ගව්මෙ නැති උනත් මල් සුවඳ දැනේ මට මල් සුවඳ හැම තැනම හැම විටම ගිනි අව්ව උරුම කල කලු වෙච්ච සුඳු මුහුණ බොඳ කරයි මගෙ සිහින දඟකාර සිතෙ මැවෙන කලු මුහුන සුඳු කරන වියළි තොල් රතු කරන ඇඟිලි තුඩු හැඩ කරන මැජික් නැහැ මට උරුම සිඳාදිය තෑගි කල අරුමෝසමින් හැඩව එන යහලුවන් දු‍ටු කලට නෙත් තෙමෙයි කඳුලු වැද මට සල්ලි ටික දෙන්න ඉර‍ටු ගාන මගෙ අම්මෙ එපා මට සරසවිය එන්නද මම ගෙදර?
නුඹ  ... දිගු වරළ මන බදින මුත් නයන  සනහලා පිපි තිසරු බැදි තපස බිද දමා     සුනුකලා මුතු මුවින් කී කතා ඇසූ සිත්        ‍රැවටිලා නුදු‍ටු නුඹ සොයමි මම දිවා රෑ වෙහෙසිලා
Image
දෝණි... කන්න ගනනක් පුරන්  කුඹුර වෙව්ල වෙව්ලා වැඩ කරලා.... ගත්ත වී බුසල දෙක, තුට්‍ටුවට විකුනලා.. ඒ සල්ලි කෙල්ලට පොතක් ගන්න.... ගෙදරින් එවපු සල්ලි, පස්ස පේන,පෙන්සිල් කට්, ඩෙනිම ගන්න ඇති මදි.. අත් කපපු,පටි තියන ටොප් එක දැන් ගන්නෙ කොහොමද? අනේ තාත්තේ... තවත් පොතක් ගන්න තියනවා... අද හෙටම..
Image
මගේ සමනළී නෙක පාට සමනළ්ලු වසන්තයෙ සැරිසරන අමතකලු සිටි පුවත පෙර දාක පණුවන්ව ත‍ටු ගන්න උන් කෑව ගහේ කොල මතම හිඳ රොන් බොන්නෙ උන් කොහොම හැර දමා පෙර දාව...........