මැණිකෙ
කටුනායක ගාමන්ට් වල
වැඩට ගියපු මයෙ මැණිකෙගෙ
හිතා ගන්න බැරි වෙනසක්
මයෙ දෙයියනෙ වෙලා අනේ!
කැකිරි ඉරිඟු තල මෙනේරි
ගොඩ ගැහිලා කුස්සි පිලේ
කැරට් ලීක්ස් අල පරිප්පු
තුන් වේලම ලිපේ ඉදේ
නුඹෙ ලස්සන මල් චීත්ත
ගුලි කර හංගා මුලු වල
මොකද්ද ඔය අරුම ඇදුම
ඇන්දට ඇඟ හොදට පේන
සුවඳ කොකුම් ගෑ මුහුණේ
උදේ හවස හොරෙන් හොරෙන්
උලන අරුම දේ මොකද්ද
ලෙඩෙන්ද උඹ මම නොදන්න?
අයිනායක දෙවි වැඳලා
මැණිකෙගෙ මේ දොස කියලා
පතමි පිහිට පෙර ලෙසටා
පඩුරක් දෙවොලේ බැඳලා

කටුනායක ගාමන්ට් වල
වැඩට ගියපු මයෙ මැණිකෙගෙ
හිතා ගන්න බැරි වෙනසක්
මයෙ දෙයියනෙ වෙලා අනේ!
කැකිරි ඉරිඟු තල මෙනේරි
ගොඩ ගැහිලා කුස්සි පිලේ
කැරට් ලීක්ස් අල පරිප්පු
තුන් වේලම ලිපේ ඉදේ
නුඹෙ ලස්සන මල් චීත්ත
ගුලි කර හංගා මුලු වල
මොකද්ද ඔය අරුම ඇදුම
ඇන්දට ඇඟ හොදට පේන
සුවඳ කොකුම් ගෑ මුහුණේ
උදේ හවස හොරෙන් හොරෙන්
උලන අරුම දේ මොකද්ද
ලෙඩෙන්ද උඹ මම නොදන්න?
අයිනායක දෙවි වැඳලා
මැණිකෙගෙ මේ දොස කියලා
පතමි පිහිට පෙර ලෙසටා
පඩුරක් දෙවොලේ බැඳලා
Comments
Post a Comment