Posts

Showing posts from 2015
Image
බාර්ලි පොෂ් කමට හානි වේ යයි බියෙන් බාගයක් බී ඉතුරු කල, බාර්ලි බෝතලය දෙස, නැවත වරක් බැලුවා ඈ, ආඩම්බරෙන්.....
Image
වෙඩින් එක... ජීවිතේටම කරන, හොඳම රඟපෑම....
Image
නිළියක්,නිරූපිකාවක්,තවත් එක් ගැහැණියක්.......... මැදියම් රෑ කැඩපත පිට සායම් දිය වීලා උරුම දුකක පුරුදු මුහුණ මා මුව පිට මැවුනා තිසර පටින් රජකම් කල පියොවුරු බිම බලලා පුංචි පුතේ නුඹට නොපෙව් ලේ කිරි සිහි කෙරුවා අද සවසත් දෙනෝදහක් අත් පොල සන් ඇහුනා ඒ සන් හඩ මිලට අරන් දවසෙ කුලිය ලැබුනා හෙට උදයෙත් වෙනදා මෙන් බෝ ඇස් සනහාලා සවස වලේ කුස රජුන්ගෙ, පබාවතිය වෙනවා.... "වල"-එක්තරා එලිමහන් රංග පීඨයක්
Image
ගේම(game) ඈනුම දන්නවා මම, බඩගිනි එන බව, උඹ කියන්නත් කලියෙන්ම, මොකක් හරි ගේමක් ගහල බඩ පුරෝ ගන්නකන්, පොඩ්ඩක් සද්ද නොකර, ඉදපන් බන්!!!
Image
කක්කුට්ටෝ කෙලින් යාම හෙවත් උන්ගේ පැටව් ඇදේට යාම....... සබ්‍යත්වයක් නැති රටේ.... අසබ්‍ය චිත්‍රපටි, බැලූ කොල්ලො, දාලා හිරේ... ගෙදර ගිහිල්ලා හැන්දෑවේ යතුර දාලා පරණ දොරේ හිලේ අපි දෙන්නාගේ   සබ්‍යත්වේ රටට හොරෙන් අපි බලමු පණේ
Image
කර්ණය... කර්ණය සම්මුඛයට හා භධ්දයට වඩා, තමා දිග වැඩි බව දන්නා නමුත්, සම්මුඛය හා භධ්දය නැතිකල, තමාත් හුදු රේඛාවක් බව, නොදනී...........
Image
බ්‍රිතාන්යේ හිගන්නා.. හිගන්නෙක්, අතේ සතේ නැති, ඉන්නෙ, බ්‍රිතාන්යෙ....... හිගන්නෙක්, අතේ සතේ නැති, ඉන්නෙ, පිටකො‍ටුවෙ....... දෙවියෙක්, කවුරුත් දැකල නැති, හිතිලා අනුකම්පාවක්, මාරු කලා රටවල්, හිගන්නො දෙන්නගෙ..... දෙවියො, බැලුවා හොයලා, මාසෙකට පස්සෙ, ලංකාවෙ හිගන්නා, බ්‍රිතාන්යෙ, හිගාකනවා, "ඉන්ග්‍රීසියෙන්" බ්‍රිතාන්යේ හිගන්නා, ලංකාවෙ, කරනව පන්ති, "ඉන්ග්‍රීසි"
Image
ඉතියෝපියාව හතර අතට ණය වෙලා පස්සා ගත්ත අක්කර පහ රෑ  තුනේ වැස්සෙන් කපෝතියි!!!!! අලි තලපු වෙලේ කොළ ඉදුනු ගොයම් සුනාමියෙන් තලලා ගත්තු වී ටික තාම ගෝනි වල, උණ ගැනිලා වෙව්ලනවා... රජ්ජුරුවන්ගෙ වී ගබඩා වලට, ඒ වී හොද නෑලු..... ටව්මෙ වී මොලෙ , මුදලාලිට නව වැදුම් වැදලා... සොච්චමට වික්කා ඒ වී ටික... සතපහක් ඉතුරු නෑ... ගෙව්වහම සුනාමි  කාරයගෙ ණය... හිස් අතින් ගෙට එද්දි.... බඩගින්නෙ කෑ ගහන.. දරුවන්ගෙ බඩේ සද්දෙ, රජ්ජුරුවන්ගෙ හිනාවෙන මූන , අස්සෙන් ඇහුනා..
Image
සරදම(හුස්ම එක්ක) ජීවන යාතිකාවේ යාතිකා පද සිදී බිදුනු යාතිකාවට සුසුමින් ණය ගෙවා එකම යහනක නිදන නුඹේ මරණයට කවි ලියවී නැත ඉටි පහන් දැල්වී නැත වැලි පිළිම ඇඹී නැත එහෙත්  තව දිනකින් නුඹ මරු හා හින්දූ ශාප ලත් ආත්මයෝ නිදොස් නිවරදි කොට දේව ගැත්තන් කරනු ඇත
Image
Miss(Mrs) Sri Lanka නවදැලි හේන් වලින් පැන ආ වැදිරියන් කාටත් පේන්නට... කාටත් බලන්නට... සත්තු වත්තක කූඩුවක...
Image
තැබිලි... කලු පාට ඩිෆෙන්ඩර්, සුදු පාට බෙන්ස්, පෙජරෝ,ඩබල් කැබ්.... උන්ඩයක් වගේ උබ ලගින් යනකොට තැඹිලි කපන එක නතර කරලා උඹ බලන් හිටියා උජරුවෙන්.... ඒ උඹ අදහන පාට,උඹ අදහන ලකුණ,නාම යෝජනා දීලා ,මහ චන්දෙන් දිනල උඹේ තැබිලි ලෑල්ලට ඇවිත් තැබිලි ගෙඩියක් බීලා උඹේ සැප දුක් අහයි කියල හිතල වෙන්න ඇති.... ඒත් උඹට මොහොතකට හරි හිතුනෙ නැද්ද උන් ඔය යන වාහනේට,තරු පහේ හෝටල් වලින් කන කෑම වලට,දාස් ගනන් වල වොඩ්කා බෝතල් වලට,ස්පා වල ගෑනුන්ට උඹටත් අයිතියක් තියනවා කියලා... තැබිලි ගෙඩියක් අතට අරන් ඒක ඇට්ටියක්ද,කුරුවල්යක්ද,පොලයක්ද කියලා කියන්න උබට පුලුවන්... ජීවිතේම දුක් කරදර වලින් පිච්චෙද්දි,පිච්චි පිච්චි උඹ ගිහින් චන්දෙ දුන්නෙ ගිනි පෙට්ටියකට,ලාම්පුතෙල් බෝතලේකට. ඒත් කමක් නෑ,වෙනදා වගේම උඹට විසදුමක් තියනවා,වෙනදා ඈතින් තිබ්බ උඹේ දුක නිවන කඩේ හෙට තවත් ලගට එයි....උදේ ඉදලා අනුන්ට තැබිලි කපල හොයා ගත්ත සොච්චමෙන් දුක නිවාන,තැබිලි කපන පිහිය පෙන්නල ගෑනිවයි ලමයිනුයි හොද මගට ගනින්....
Image
තන එතන ගොඩේ සුදු නංගිගෙ   දෙතන     වැදී රතන වෙලේ වෙද මාමගෙ     අතන      රිදී ළතන වලට හිතෙ ඇතිවී     බොතණ පොදී පතන වෙලා ඌ බුදිනවා         ඉතණ හොදී
Image
නොතේරෙන කවිය.... මාස ගනනක් දියක් නොමැතිව වේලුනු පොලවක් මහ වැස්සකදී ශාප කරයි.... යුවතියට... තමා පාගා කුඩේ යට සිටින......
Image
බල්ලා කැලේ සිටි මා රවට්ටාලා උඹේ ලගින්ම තියා                 ගත්තට අදයි දන්නේ මා ගෙනාවේ අඹු රකින්නට ,උඹ නැති     වෙලාවට බල්ල කන්නේ මස් ක‍ටුයි උඹ කාපු ක‍ටු ටික විසික්      කෙරුවට කනවදැයි මූ මස් ටිකක් උඹ කවද හරි මට දීල                බැලුවද?