ඉතියෝපියාව
හතර අතට ණය වෙලාපස්සා ගත්ත අක්කර පහ
රෑ තුනේ වැස්සෙන්
කපෝතියි!!!!!
අලි තලපු වෙලේ
කොළ ඉදුනු ගොයම්
සුනාමියෙන් තලලා ගත්තු
වී ටික තාම ගෝනි වල,
උණ ගැනිලා වෙව්ලනවා...
රජ්ජුරුවන්ගෙ වී ගබඩා වලට,
ඒ වී හොද නෑලු.....
ටව්මෙ වී මොලෙ ,
මුදලාලිට නව වැදුම් වැදලා...
සොච්චමට වික්කා ඒ වී ටික...
සතපහක් ඉතුරු නෑ...
ගෙව්වහම සුනාමි කාරයගෙ ණය...
හිස් අතින් ගෙට එද්දි....
බඩගින්නෙ කෑ ගහන..
දරුවන්ගෙ බඩේ සද්දෙ,
රජ්ජුරුවන්ගෙ හිනාවෙන මූන ,
අස්සෙන් ඇහුනා..

Comments
Post a Comment