අවුරුදු.... වෙනදට වඩා ඩිස්කව්න්ට් අරන් ටව්මෙ රෙදි කඩ මැදින් අවුරුදු කුමාරය, ඇයි මේ පයින්? ගෙවන්න ගත්ත අවන් එකෙන් ටීවී එකේ කියපු ක්‍රමෙන් හදමු කේක් පුඩින් කව්ද කන්නෙ ඔය කැවුන් අවුරුදු ඇප් එකෙන් නැකත හරියට බලන් ලිපේ බොක්කෙ ඉදන් වෙලාවට සෙල්පිය ගනින් රීමික්ස් කොහෝ හඩ මැදින් කාටුන් එරබුදු මලින් මේස රබන් හඩ මැදින් අවුරුදු එයි සරම කඩන්.....
Posts
- Get link
- X
- Other Apps
නිළියක්,නිරූපිකාවක්,තවත් එක් ගැහැණියක්.......... මැදියම් රෑ කැඩපත පිට සායම් දිය වීලා උරුම දුකක පුරුදු මුහුණ මා මුව පිට මැවුනා තිසර පටින් රජකම් කල පියොවුරු බිම බලලා පුංචි පුතේ නුඹට නොපෙව් ලේ කිරි සිහි කෙරුවා අද සවසත් දෙනෝදහක් අත් පොල සන් ඇහුනා ඒ සන් හඩ මිලට අරන් දවසෙ කුලිය ලැබුනා හෙට උදයෙත් වෙනදා මෙන් බෝ ඇස් සනහාලා සවස වලේ කුස රජුන්ගෙ, පබාවතිය වෙනවා.... "වල"-එක්තරා එලිමහන් රංග පීඨයක්