බේකන් බනිස් අපි කෑවේ කුළුදුල්ලේ

අංකොට සුද්දි ගැබ් බර මේ                        වාරේ
ලැබුනේ වැස්සියක් ඒකිම                          වාගේ
කළු කැත වස්සා ලැබුනු ගිය                       වාරේ
නාඹර ගොනෙක් දැන් නහ විදිනා             කාලේ

කර ලණුවට මෙල්ලය නැති මේ               කාළේ
උඩ පැන තප්පුලා යයි වැස්සියො              පස්සේ
නහ විද ගෙජ්ජි දා යන්නට ගැල්                තාලේ
කරත්තය කොහෙද?ලඟදිනෙ නගරෙට   වික්කේ

ඇතිකර හදන්නට ගොන්නුන්          සොයමින්නේ
සුදු ඇඳ ගත්තු මහතෙකු ගම                ඇවිදින්නේ
සාදාරණ මුදලකින් කෙලවර              ගනදෙනුවේ
ගොන් රජ හම ගසා කොක්කක       වැජබෙන්නේ

ගනදෙනුව අහවර වී ලඳ                             මුදලේ
දරුවොත් එක්ක සිඳාදියෙ               සැණකෙලියේ
තොරණ බලා නන්දිවිසල්                     ජාතකයේ
බේකන් බනිස් අපි කෑවේ                    කුළුදුල්ලේ

Comments

Popular posts from this blog