කරදිය බොන්නට බැරුවා..

පාලු ‍රැයේ මූසල බව
උළලේන හඩට මුසු වෙද්දී....
හඳ සාවී ජනෙල් කොනින්
ඔච්චම් කෙරුවා

නින්ද නැතිව , හීන ඇතුව
ඉන්න හිතට රෑ දවාල
කොහොම පටන් ගෙන ගෙව්නත්
ගානක් නැතුවා

දෝර ගලන සිතුවිලි ගඟ
නිකන් ඔහේ මහ මුහුඳට
මෝය කටෙන් වැටෙනා හැටි,
බලන්න බැරුවා...

ගිනි අව්වට වේලෙන හිත
දිය හෙව්වට පිපාසයට
නිල් දිය විල් හිතනු මිසක,
කරඳිය කඳ බොන්නට බැරුවා...



Comments

Popular posts from this blog