රන් ඔ‍ටුනු දරා රජ වී
බරණැසේ රජුන් නුඹ වී
දන් පින් බලෙන් අඟ වී
රජකම් කරනු සොඳ සේ

දන දුකින් හදම උණුවී
උන් මුදා දුකින් හැකි සේ
සිත් දිනා උන්ගෙ රිසි සේ
රජකම් කරනු නිසි සේ

සිව් සැටක් ශිල්ප කරලා
අඟ වුනා අනුන් පරදා
නික්මෙනා දිනේ අද
තක්සලා දොරෙන් නුඹ
තක්සලා ඇඳුරු වැඳලා
යනු මැනේ ගුරුන් රිදවා//

බරණැසේ දනන් සිතලා
බරණැසේ දනන්  පතලා...

Comments

Popular posts from this blog