සුඳු
හිමි ගිය දින ඉඳන් දරුවන් රෑක ගන්න
නොකල දෙයක් නෑ උන් බඩ පුරවන්න
ලොකු පුතු පාසල් යවා උගතෙකු කරවන්න
ඇග මස විකුනුවේ සුඳු රෙදි මහගන්න
පෝදා පන්සලේ බුඳු රුව දැක ගන්න
ආමුත් පැතුවෙ නෑ මන් අම නිර්වාණ
පෝසත් පින්වතුනි නුඹෙ ඇස් යුග කියන
ගෝහොර වදන් සැමදා පුරුදුය සොඳින
සුඳු පිරුවටින් කුණු වහගෙන පෝය දිනේ
කුළු බිරි හා හිඳගෙන වෙහෙර කොනේ
පින්බර මහතුනේ පතනා අම නිර්වාණේ
පැතුවා නොවෙද පෙර දා මා හා යහනේ
හිමි ගිය දින ඉඳන් දරුවන් රෑක ගන්න
නොකල දෙයක් නෑ උන් බඩ පුරවන්න
ලොකු පුතු පාසල් යවා උගතෙකු කරවන්න
ඇග මස විකුනුවේ සුඳු රෙදි මහගන්න
පෝදා පන්සලේ බුඳු රුව දැක ගන්න
ආමුත් පැතුවෙ නෑ මන් අම නිර්වාණ
පෝසත් පින්වතුනි නුඹෙ ඇස් යුග කියන
ගෝහොර වදන් සැමදා පුරුදුය සොඳින
සුඳු පිරුවටින් කුණු වහගෙන පෝය දිනේ
කුළු බිරි හා හිඳගෙන වෙහෙර කොනේ
පින්බර මහතුනේ පතනා අම නිර්වාණේ
පැතුවා නොවෙද පෙර දා මා හා යහනේ
Comments
Post a Comment