නීල නෙතු
නීල නෙතගින් කියූ
ආල ආරාධනා
තාම මතක නැති වුනත්
පෑව ඉඟි සිනා
සීත රෑක තනි කමින්
සිටිය මා සොයා
ආවෙ ඇයිද සොඳුරියේ
යන්න මා දමා
මා මුවින් කියූ වදන්
නෑහුනා වගේ
ගියේ ඇයිද මිතුරියේ
හීනයක් වගේ
පියවි ලොව දුටු ලඳුන්
අතර සිටි කිසි කෙනෙක්
නෑ සිතේ නුඹ තරම්
කවි ලීවෙ මේ තරම්
සීත රෑ තම නෑ
ඉවර වීලා ලඳේ
නිදියන්න තව ගොඩක්
එනවාද ආයෙමත්....
නීල නෙතගින් කියූ
ආල ආරාධනා
තාම මතක නැති වුනත්
පෑව ඉඟි සිනා
සීත රෑක තනි කමින්
සිටිය මා සොයා
ආවෙ ඇයිද සොඳුරියේ
යන්න මා දමා
මා මුවින් කියූ වදන්
නෑහුනා වගේ
ගියේ ඇයිද මිතුරියේ
හීනයක් වගේ
පියවි ලොව දුටු ලඳුන්
අතර සිටි කිසි කෙනෙක්
නෑ සිතේ නුඹ තරම්
කවි ලීවෙ මේ තරම්
සීත රෑ තම නෑ
ඉවර වීලා ලඳේ
නිදියන්න තව ගොඩක්
එනවාද ආයෙමත්....
Comments
Post a Comment